මිනිස් සිතේ ගූඪ ස්වරූපය
සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී මිනිස් සිතෙහි පවතින ගූඪ ස්වරූපය ගෙනහැර පෑමත් සාර්ථක අවස්ථා නිරූපණයත් නිසා සද්ධර්මරත්නාවලියේ රසවත් බව වැඩි වී ඇත. නියමිත කතා ඇසුරෙන් පැහැදිලි කරන්න.
"රත්නාවලිය කියවන විට මට හැගෙනුයේ පුස්කොල පොත් වල සුවද නොව සිංහල ගැමියාගේ ජීවනයෙහි සුවදයි"
අද්විතීය කිවිදෙකු ලෙස සාහිත්‍යයට පතළ වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් තම විචාර ලිපිය නැමැති ග්‍රන්ථයෙහි ඉහත විවරණය තුළින් සද්ධර්මරත්නාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත හැකිය. පාලි සංස්කෘත නූගත් ශ්‍රාවකයන් උදෙසා රචිත මෙම සද්ධර්මරත්නාවලිය දඹදෙනි සාහිත්‍ය අවදියේ පාලි ධම්මපදට්ඨ කතාව ඇසුරු කර ගනිමින් ධම්සෙන් හිමියන් විසින් රචිත අපූරු ධර්ම පුස්තකයකි.
ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එන කුණ්ඩලකේසී මෙන්ම මට්ටකුණ්ඩලී කථා වස්තූන් අපූර්වාකාරයෙන් රචනා කිරීමට ධර්මසේන හිමි සමත්වෙයි. මිනිස් සිත නිතරම වෙනස්වීම් වලට භාජනය වෙයි "දූරගමං ඒක චරං - අසරීරං ගුහාසයං.." ආදී ගාථා තුළින් ද බුදුන් වහන්සේ ද මෙම වෙනස් වීමට ප්‍රධාන හේතු සාධකය වන සිත පිළිබඳ විවරණය කරයි. මෙලෙස වෙනස් වන මිනිස් සිතෙහි ස්වභාවය තීව්‍ර ලෙස ශ්‍රාවකයාට ඉටු ගැන්වීමට ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලිය තුල තම කතා වස්තූන්ගෙන් සමත් වෙයි.
සද්ධර්මරත්නාවලියෙහි එන කුණ්ඩලකේසී කතා වස්තුවේ දී කුණ්ඩලකේසි දැඩි අසාධාරණයකට ලක් වන අයුරු ශ්‍රාවක සිතට තදින්ම කා වදී. රූමත්ව ඉපදීම ඇගේ වරදක් මෙන් ඇය සත්මහල් ප්‍රාසාදයක හිරවෙයි. බුදුන්ගේ සමයෙහි පටාචාරා උත්තමාවිය ද මෙවැනි පීඩනයකට ලක් වූවත් ඇය හා කුණ්ඩලකේසී ක්‍රියා කරන ආකාරය වෙනස් ය.
පටාචාරාව දෙමාපිය සිත් කලඹවා කෝප කර ශෝකයට පත් කර පුරුෂයකු සමග පලා යෑමෙන් ඇගේ පලිය සංසිදුවා ගනියි. නමුදු කුණ්ඩලකේසීගේ සිතෙහි එවන් අදහස් වෙනුවට සොරෙකු කෙරෙහි ප්‍රේම කරමින් දෙමාපියන් ඉදිරියේ සිත් රිදවමින් ඔහු හා වාසය ට ඇලුම් කරයි. මේ අනුව කුන්ඩලකේසියගේ ක්ෂණික තීරණ හමුවේ වෙනස් වන මිනිස් සිතෙහි ගූඨ ස්වරූපය මනාසේ තීව්‍ර කිරීමට ධම්සෙන් හිමියන් සද්ධර්මරත්නාවලිය තුල සමත් වෙයි.
" ඒ සිටුදුවණියෝ ද මහත් වූ කෝලාහල නිසා මේ කිම් දෝ හෝ යි මතුමාලේ සිට බලන්නෝ මරන්නට ගෙනයන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌම පතා බතුත් නොකා යානට නැගීලා වැදහොත්තෝ ය."
මේ අයුරින් සොරකු කෙරෙහි ආල පා ඔහු කෙසේ හෝ සරණ පාවා ගෙන ඔහුට සියලු බැල මෙහෙකම් දාසියකු සේ ඉටු කරයි. මෙවන් අවස්ථා නෙත ගැටෙන සෑම විටම කුණ්ඩලකේසිගේ දෙමාපියන් තුළ කනස්සල්ලක් ඇති කරවන නමුත් ඇය තම ස්වකීය සැමියාට මෙසේ සලකනුයේ හදපිරි දයාවෙනි. ඇගේ සිතෙහි ඇති කරුණාවන්ත භාව ලීලා ගති මනා සේ ධ්වනිත කිරීමට මෙම කොටසින් ධම්සෙන් හිමි උත්සුක වී ඇත.
" සිටුදුවණියෝ ද එවක් පටන් ඔහු සිත් ගන්නට සව්භණලා සැරසීගෙන තුමූ ම ඕහට බත් මාළු පිසති, කවති, පොවති, ඉසසෝධවති, නාවති"
සිටු කුමරිය කෙතරම් තදින් සොරාට ආලය කළා වූවද සොරාගේ යටිසිත වහා ක්‍රියාත්මක වේ. ඔහු මෙවන් දිවියකට ඇලුම් නොකරයි. සොරකම තම ජීවිකාව කරගත් ඔහුට තම සුපුරුදු ජීවිකාව වඩාත් ප්‍රිය ජනකය. මේ හේතූන් නිසා කුණ්ඩලකේසි මරන්නට සැලසුම් කරයි. ඇය සතු ආභරණ සොරාගෙන පළා යාමට උත්සාහ දරයි. තමාට ජීවත්වීමට එළියක් වූ තම බිරිඳ පිළිබඳව මොහොතක්වත් නොසිතයි. ඈ මැරීමේ චේතනාව සැමවිටම මුල් බැස ගෙන තිබේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
කුණ්ඩලකේෂී කතා වස්තුවෙහි එන මෙකී අවස්ථාව තුළින් සොරකුගේ යථෝක්ත වූ ගති ස්වභාවයත් ගූඪ ස්වරූපයත් මනාව පිළිබිඹු කරයි.
" සොදුර, එ දවස් මරන්නට ගෙනයන ගමනේ සොරුන් හෙලන ගල වසන දෙවියන්ට යාදිනියක් කොට දිවි ලදිමි. දිවි තමා උන්ගේම අනුභාවයෙන් මාගෙන් කිසිත් වියදමක් නැතිව තොපත් ලදිමි. උන්ට පි දේනියක් දෙන්ට නැති හෙයින් මුසුප්පුයෙමි"
සද්ධර්මරත්නාවලිය තුල දිවෙන කුණ්ඩලකේසි වස්තුවේ දී පමණක් නොව මට්ටකුණ්ඩලී කතා වස්තුවේදී ද මිනිස් සිතෙහි පවතින ගූඪ ස්වරූපය මනාව ධ්වනිත කරයි.
මට්ටකුණ්ඩලී කතා වස්තුවේ අදින්නපුබ්බක බමුණාට දාව ඉපදුනු එකම පුතු වන මට්ටකුණ්ඩලී හට දැඩි සේ ඇලුම් කරන පියෙකු වුවද මට්ටකුණ්ඩලී පාණ්ඩු රෝගය නිසා මරණාසන්න වූ මොහොතට ළං වන තෙක්ම නිසි අයුරින් පිළියම් නො කරයි. මන්ද ඔහු දැඩි ලෙස කාසි සදහා ඇලුම් කරන හෙයිනි. මසුරුකම වැඩි හෙයින් තම පුතුගේ රෝගය නොසලකා හරියි.
මේ අනුව අදින්නපුබ්බකගේ යටි සිත මනස විනිවිද දකිමින් ඔහුගේ සිතෙහි පවතින්නා වූ ගූඪ ස්වරූපය මනාව පසක් කරවමින් සද්ධර්මරත්නාවලිය රචනා කොට ඇති බව පැහැදිලි වෙයි.
"පින්වත් බැමිණිය කුමක් කියයිද? පිළියමට වෙදවරුන් ගෙනා කල වෙදකම් නිමන තෙක් බතුත් දුන මැනව, මං කුලීත් දුන මැනව කෙළවර මිලත් දුන මැනව... මිලක් මදෙකින් සෑහී නොයෙයි"
මට්ටකුණ්ඩලීගේ මරණය තෙක්ම පිළියම් නොකොට මරණාසන්න මොහොතේ දී ඉලව්වට පැමිණෙන අයගෙන් අදින්නපුබ්බක තම මසුරුකම සඟවන්නට උත්සාහ දරයි. තමා නිසා පුතු මිය ගිය බව දැන ගැනීමට ඔහු අකමැති ය. ඔහු ලෝභයෙකු ලෙස සැලකීමට ද ඔහු අකමැති ය. මසුරු සිතක ඇති යථානුරූපීභාවය ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලිය ග්‍රන්ථය හරහා ශ්‍රාවකයන්ට මනාසේ කුළු ගන්වයි.
" මූ මළ කල පළමුව ආ කෙනෙක් ඇතුළුගෙයි පුරා තිබූ සම්පත් දැක මෙතෙක් සම්පත් තබාගෙන හිඳ දුප්පතා සේ පුතුට පිළියම් පමණකුත් නොකරවා නසාපිය අනේ මේ මහා ලෝභී එකෙක් වැනි'යි"
මිනිසුන්ගේ සිත්වල පවතින ගූඪ ස්වරූපය මෙන්ම සාර්ථක අවස්ථා ද යොදාගෙන තිබීම සද්ධර්මරත්නාවලියෙහි දැකිය හැකිය. කුණ්ඩලකේෂී කතා වස්තුවේදී කුණ්ඩලකේෂී සොර පව්ව මුදුනේ දී කුණ්ඩලකේසී මරා දැමීමට සොරා උත්සහ දරණ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අතර යෙදෙන සංවාදශීලී බස් වහර තුළින් අවස්ථාව ප්‍රාණවත් කරයි.
ජංගම සිතුවමක් සේ ශ්‍රාවක සිතෙහි එම අවස්ථාව චිත්තරූප නැංවීමට සමත් වෙයි. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී කතුහිමි යොදාගත් සංවාදශීලී භාෂා උපක්‍රමය නිසා එය සාර්ථකව සිදු වූ බව පැහැදිලිය.
" බැණ නොහැගෙන්නේ හැයිදැයි.. මට බිලියමින් කම්නැත. බිලියම් පිට ලා ලා තොප මෙතනට ගෙනෙන පිණිසයි. තොප මරාපියා ආභරණ හැරගෙන පලා යන්නට"
"සිටු දුවණියෝ තුන් විටක් පැදකුණු කොට ලා සතර තැනෙක සිට වැදලා ස්වාමීනි මේ කෙළවර දැක්මය.."
එසේම කුණ්ඩලකේෂී වස්තුවේ දී දැකිය හැකි තවත් අවස්ථාවක් ලෙස ජම්බුපරිබ්‍රාජිකාව සැවැත් නුවර සිට වූ දඹ අත්ත සැරියුත් හිමියන්ගේ කීමට කුඩා ළමුන් එය උදුරා දමන අවස්ථාවයි. මේ මොහොතේ ජම්බුපරිබ්‍රාජිකාවගේ හැසිරීම් විලාසය තුළින් අවස්ථාව ප්‍රාණවත් කරයි. එමෙන්ම එම අවස්ථාවේ දඹ අත්ත ගලවා කුඩා ළමුන් සතුටු වූ අයුරු සහ කටයුතු කල අයුරු අවස්ථාව සජීවී කරයි.
" මහ තෙරුන් වහන්සේගේම බසින් තුමූ උපන් උත්සාහ ඇතිව අත්ත මැඬ හඬගසමින් ධූලි උඩ නංවාපීහ"
"පරිබ්‍රාජිකාවෝ අමුත් යුගුත් ම කළ දෙයකැයි සිතා බැණදොඩා තොප හා අප කරන වාද නැත.."
එමෙන්ම සද්ධර්මරත්නාවලිය තුල දිවෙන මට්ටකුණ්ඩලී කතා වස්තුවේ ද මෙම සාර්ථක අවස්ථා නිරූපණය යොදාගෙන ඇති බව දැකිය හැකිය.
මරණාසන්න මොහොතට ළං ව සිටින මට්ඨකුණ්ඩලී බුදු නෙතට ගැටේ. බුදුන් වහන්සේ මට්ටකුණ්ඩලී වෙත වැඩි අවස්ථාවේ මට්ටකුණ්ඩලීගේ සිත පැහැදෙන අවස්ථාව ධර්මසේන හිමියන් මනාව අලංකාර සහිතව පවසයි. මෙහි පවතින සාර්ථක අවස්ථා නිරූපණය නිසා ශ්‍රාවක සිත් බුදු දහම කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඇලී සිටීමට ඇති තෘප්තිය ද වඩවයි.
"මට්ටකුණ්ඩලීත් බුදු රැස් දැක මියන වේලක රුවන්සක්මන කුමුනි පෙත්තක් ගෙන ගොස් සිටුවාලා පෙත්ත දසාවට නමාලූ කලක් මෙන් මිදුල දිසාවට නැමීලා වැදහොත් තැනැත්තෝ.."
මේ අයුරින් මිනිස් සිතෙහි පවතින ගූඪ ස්වරූපයන් පිළිබදවත් හා අවස්ථා සාර්ථකව නිරූපණයත් නිසා සද්ධර්මරත්නාවලියේ සාර්ථකත්වය හා රසවත් බව වැඩි වී ඇති බවට උක්ත නිදසුන් සාක්ෂි දරයි. මෙලෙස රසවත් වූ නිර්මාණයක් දායාද කිරීමට කතු හිමි සතුවූ භාෂාමය ලක්ෂණ මෙන්ම සාහිත්‍යමය දැනුම ද රුකුලක් වූ බව නොරහසකි.
උසස් පෙළ කලා අංශය
ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ගම්පොළ
මිනිස් සිතෙහි ගූඨ ස්වරූපය සද්ධර්මරත්නාවලිය
කුණ්ඩලකේසී හා මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය
සද්ධර්මරත්නාවලිය කතා වස්තු
Saddarmarathnavaliya vichara
උසස් පෙළ සිංහල විචාර pdf
Minis sithe guda swarupaya vichara
සද්ධර්ම රත්නාවලිය විචාරය pdf
සද්ධර්මරත්නාවලිය විචාර pdf download
සද්ධර්මරත්නාවලිය හැඳින්වීම
Kundalakesi ha mattakundali vichara
Comments